පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව ය.
අත්අඩංගුවට පත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න නීතිපතිවරයාගෙන් කරුණු විමසා සිටි අතර ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට දන්වා තිබුණේ මීට දින කිහිපයක පෙරයි.