Colombo Today Local News

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

තියුණු ආයුධයකින් පහර දී කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා ධාවනය වූ දුම්රියේ සිටි අඹුසැමි යුවලකගේ රන් මාලය සහ මුදල් රුපියල් ලක්ෂ 2 ක් කොල්ලකා තිබේ.

ඊයේ (06) අලුයම කොල්ලකරුවන් දෙදෙනෙකු දුම්රියට ගොඩවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

කොල්ලකරුවන් දුම්රියේ ගමන්ගත් කාන්තාවගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී බියගන්වා රුපියල් ලක්ෂ 02 ක් හා කාන්තාවගේ ගෙලබැඳි රන් මාලය කොල්ලකා අඟුලානේදි දුම්රියෙන් බැස පලාගොස් ඇත.

පලායෑමට උත්සාහ කළ එක් සැකකරුවෙකු දුම්රියෙන් අඳවැටි සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරු,මොරටුව කොරලවැල්ලේ පදිංචි මත්කුඩු පානයට ඇබ්බැහි වූවෙකු බව වාර්තා වේ.

කොල්ලකරුවන් පහරදීමෙන් සැමියාගේ අතෙහි ඇගිල්ලකට තුවාල සිදුව ඇත.

තුවාල ලැබූ පුද්ගලයා පසුව පානදුර රෝහලට ගොස් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

බුත්තල පාසලක ආහාර විෂ වීමක් – දරුවන් 22ක් රෝහලේ

colombotoday

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin