Business

කුළුබඩු භෝග අස්වනු අපනයනයට පෙර වෙන්දේසියට

තේ, රබර් මෙන්ම අපනයන භෝග අස්වනු අපනයනයට පෙර වෙන්දේසි කිරීමෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.

එමෙන්ම නකල්ස් රක්ෂිතයට හානියක් නොවන පරිදි වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල එකඟතාවය මත රක්ෂිතය ආශ්‍රිත කලාපයකින් එනසාල් වගාවට ඉඩම් ලබාදීමට අවධානය යොමු කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන ඇමැති ජානක වක්කුඹුර පවසයි.

නකල්ස් කඳු පන්තිය පාමුල පිහිටි මෙම ගම්මානවල වැසියන්ට නකල්ස් රක්ෂිතයේ වැවෙන එනසාල් කැඩීම මෑතක සිට තහනම් කර ඇත. ඓතිහාසික මීමුරේ හා කයිකාවල ගම්මානයන්හි ගම්මිරිස්, එනසාල් ඇතුළු කුළුබඩු කර්මාන්තය නඟා සිටුවීමට අවශ්‍ය සියලු පහසුකම් රජය මගින් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කියා සිටී.

මීමුරේ ප්‍රදේශයේ වැවෙන ගම්මිරිස් අන්තර්ජාතික කාබනික සහතිකකරණය යටතේ මීමුරේ ගම්මිරිස් (Memure Pepper)යන විශේෂ අලෙවි නාමය යටතේ වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

Related posts

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් නගී

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

colombotoday

ලොව විශාලතම නැව හෙට කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!

Admin

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday