Colombo Today Local News

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

මත්පෙති ජාවාරමේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු අලෙවිය සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරනු ලැබූ මත්පෙති 1000ක් සමග කොතලාවලපුර පාසල ඉදිරිපිට මාර්ග බාධකයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

සැකකරුවන් රත්මලාන ජයසුමණාරාම පාර හා සිල්වස්ටර් පාර පදිංචි වයස අවුරුදු 26 ක් වන අය බව පොලීසිය කියයි.

මෙම මත්පෙති තොගය යතුරු පැදියෙන් රැගෙන ගොස් රත්මලාන, මොරටුව, ලුනාව, ගල්කිස්ස, දෙහිවල, අගුලාන යන ප්‍රදේශවලට බෙදාහැරීමට සැලසුම් කර තිබූ බවත් සිදුකල මූලික විමර්ශන වලදි අනාවරණයවී ඇතැයිද පොලීසිය කියයි.

Related posts

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday

“මාමා කළ දේ නොකළොත් ඌ නොට්ටිගෙ බෑණා“ නීතිපති පත් කිරීමට එරෙහිව ගම්මන්පිල නඩු දමයි

colombotoday

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

colombotoday

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday

“ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යනවා.. ෆේස්බුක් රැකගන්න එන්න” රනිල් තරුණයන්ට කියයි (Video)

colombotoday

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin