Colombo Today Local News

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(11)දිනයේ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඊට අදාළ අධීක්ෂණ කටයුතු අද දිනයේදීත් පැවැත්වෙන බවයි.

මේ අතර බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ වැඩි සංඛ්‍යාවක් යොදා ඇති අතර අමතර බස් සේවා අවශ්‍ය නම් කලාප අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම පරිදි ලබා දීමට ද පියවර ගෙන ඇති බවයි.

මේ අතර අද දිනයේත් පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 247 කි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 146 ක් වේ.

මේ අතර බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ක්‍රීඩා ලබන 20 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි .

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පැවසුවේ, හෙට පාසල් ඇරඹීමට සමගාමීව එම කටයුතු සිදු කෙරෙන බවයි.

Related posts

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

ලංකාවේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා දහ අට ලක්ෂයකින් වැඩිවෙයි. සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන් කෙනෙකුට පිරිමියෙක් නැතිලු

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

Admin

රට පුරා පොහොට්ටුව පිපේ…

colombotoday

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday