Colombo Today Local News

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archicell) ආරම්භ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් එහි පවා නැති බවත් දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

දෙපාර්තමේන්තුවේ ආරම්භය, අතීතය, අතීතයේ සිටි ප්‍රධානින් ගේ සිට කම්කරුවා දක්වා සියලු ‍දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙ‍තෙම සඳහන් කළේය.

සෑම පුරා විද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී ව්‍යාපෘතිය රටපුරා ගෙන යාම තම අරමුණ බව ද කීය.

විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ඇතුළු සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.

අදාල ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල්වලට හා රාජ්‍ය ආයතනවලට ලිඛිත ඉල්ලීමක් යවන බව පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන බව ද සඳහන් කළේය.

Related posts

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

“ගම්මන්පිල හැලියෙත් කිඹුල්ලු දකිනවා.. පොලිස්පති පත් කිරීම නීත්‍යානුකූලයි” – නිශාන්ත වර්ණසිංහ

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසු හමුදාවෙන් සැර නිවේදනයක්…

colombotoday

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් එක දිගට විභාගයට ගනී… මාධ්‍ය ආයතන හයකට නොතීසි…

colombotoday