Covid 19

මහනුවර ජාතික රෝහලේ 08කට කොරෝනා

මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්‍ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මේ අනුව මහනුවර ජාතික රෝහලේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති සංඛ්‍යාව 18 ක් බවද ඉරේෂා මහත්මිය සඳහන් කළාය.

මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට පසුගිය 26 දින භාජනය කිරීමේදි උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව පරීක්ෂන වලින් තහවුරු වීමත් සමග ඊයේ (27දින එම අංශයේ නිලධාරින් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මොවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත. මේ වනවිට එම අංශයේ සමීපතයින් ඇතුලු සියලුම අය අද (28) දිනයේ පීසීආර් පරීක්ෂණ වලට ලක් කරමින් සිටින බවද මහනුවර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසිය.

මෙම තත්වය හේතුවෙන් මහනුවර ජාතික රෝහළේ උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකය ශල්‍ය වාට්ටුව වසා දමා ඇති අතර රෝගින් මහනුවර රෝහල වෙත මේ අවස්ථාවේදි රෝගීන් එවිය යුතු නොවන බව ප්‍රාදේශීය රෝහල් දැනුවත් කර ඇති බවද අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

හදිසි ශල්‍යකර්ම හා හදිසි අවස්ථා කටයුතු සියලු දේ මහනුවර රෝහලේ සිදුවන බවත් කිසිඳු අවස්ථාවක රෝහල වසා දැමීමේ අවදානමක් මහනුවර රෝහල තුළ නැති බවද අධ්‍යක්ෂවරිය පැවැසීය.

මේ වනවිට කෝවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලයේ අය තෙල්දෙනිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා යවා ඇති බවත්, මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍ය කාරණයකට හැර සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම අවස්ථාවේදි හැකිතරම් රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කළාය.

Related posts

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 13ක්

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කොරෝනා වෛරසය ඊයේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට ජනතාව විරුද්ධ වෙයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday