Colombo Today Local News

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

හෝමාගම පොලිස් වසමේ මහින්ද මාවත, පිටිපන උතුර, හෝමාගම ලිපිනයේ පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු ටී-56 ගිනි අවි 02ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගිනි අවි පසුගිය ජුනි මස 29 දින පිටිපන ප්‍රදේශයෙන් සොයාගත් පාතාල කල්ලි සාමාජිකයින් විසින් සඟවා තිබු ගිනි අවි ගබඩාවට අයත් බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ ගිනි අවි ත්‍රස්තවාදී හෝ යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් වෙත ආධාර අනුබල දීම සඳහා භාවිත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ, පසුගිය දා පිටිපනදී ආයුධ සමඟ අත්අඩංගුවට ගත් කපිල නැමැති සැකකරු සමඟ අදාල සැකකාර පොලිස් නිලධාරියා හිතවත්කම් පවත්වාගෙන ගොස් ඇති බවය.

කපිල නැමැති සැකකරුගේ ඉල්ලීම මත මෙම අවි සහ උණ්ඩ සඟවා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කරන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

Video : නටන එවුන් පරෙස්සමින් නටපල්ලා. ඉවසීමේ සිමාව ඉවරයි – ඥානසාර හිමි

colombotoday

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

colombotoday

ඉරණතිව් හි කොවිඩ් මළ සිරුරු භූමදානයට දූපත්වාසීන්ගේ විරෝධතාවයක්

colombotoday

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday