Colombo Today Local News

සෙනග නෑ… මහේෂ් සේනානායක රට වටා රැලි නවත්වයි

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක රටපුරා පවත්වන ප්‍රචාරක රැලි මාලාව නවත්වා තිබේ.

සිය ප්‍රචාරක රැලි සඳහා පාක්ෂිකයන්ගේ සහභාගීත්වය අඩු නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ගම්පහ පැවති ප්‍රථම ප්‍රචාරක රැලියට බලාපොරොත්තු වූ තරම් ජන සහභාගීත්වයක් නොමැති වූ අතර කෑගල්ල රැස්වීමටද ඒ ආකාරයට අඩු ජන සහභාගීත්වයක් තිබූ නිසා සේනානායක මහතා ඊට සහභාගි වී නොමැත.

මේ සම්බන්ධයෙන් ජාතික ජනතා පක්ෂයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිය පක්ෂයට මුදල් වැයකර පාක්ෂිකයන් රැලිවලට ගෙන්වා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

Related posts

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

Admin

උත්සව සමයේ සංචරණයන් සීමා නොකළොත් කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday