Colombo Today Local News

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

ත්‍රී රෝද රථ සංගමය සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහතා මහමග ඝාතනයට ලක් ව ඇත්තේ ආණ්ඩුවේ වරදින් බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ත්‍රීරෝද හිමියන් වෙත ආණ්ඩුව විසින් ලිසිං සහන ලබාදෙන බව ප්‍රකාශ කළ ද එය ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා මෙම මරණය සිදුවී ඇති බවද ඔහු පවසයි.

මෑත කාලයේ දී රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බවත් මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බවත් ඔහු කියා සිටී.

කල්බදු සමාගමක පිරිසක් විසින් සිදු කල පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා මිය යාම ගැන මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පල කලේය.

Related posts

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

IMF සමග තවත් සාකච්ජා වටයක් අද සිට.

colombotoday

මං විහිළු කරන්නේ ජනතාවගේ බඩගින්න නැති කරන්න- සජිත්

colombotoday