Colombo Today Local News

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

ගවයකු සපා කෑවයි උරණවී වවුනියාවල මාමඩුව ගම්මානයේ නිවාසවල සිටි සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළැයි හිටපු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවට මාමඩුව පොලිසිය පවසයි.

මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මාමඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලදාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකාර හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගව පට්ටියක් පාලනය කරන අතර ඔහුගේ ගවමඩුවෙහි සිටි ගවයකු හා පැටවකු සුනඛයින් විසින් සපාකෑමෙන් අනතුරුව උරණ වී වස මිශ්‍ර මස් ලබාදීමෙන් මෙම සුනඛයින් ඝාතනය කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ගවයින් සම්බන්ධ සිද්ධීන් නිසා සැකකරු නිවාස වල ඇතිකරන සුනඛයින්ට අවස්ථා ගණනාවකදී වස ලබාදී ඝාතනය කොට ඇතිබවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු වන අතර ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මාමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday

ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

වත්තල පල්ලියවත්තේදී කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෝ දෙකක් අල්ලයි

colombotoday

පාරිභෝගිකයන් අමාරුවේ දැම්මාට “ඩයලොග්ට” ලෙඩක් වැටෙයි.. වන්දි නොගෙවුවොත් නඩු !!

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමයක් කඩද්දී මුස්ලිම් තරුණයෙක් අතේ මාට්ටු… අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි..

colombotoday