Colombo Today Local News

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රෝහලේදී තම රාජකාරියට බාධා කරමින් දැඩි බලපෑම් එල්ල කිරීම සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අසත්‍ය ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට දැඩි කැළලක් එල්ල කළ බව කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා කුරුණෑගල පොලිසිය වෙත ඊයේ (29 දා) පැමිණිලි කළේය. 

සීඅයිඩිය හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කිරීම සහ තම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සරත් වීරබණ්ඩාර මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසියෙන් ඉල්ලා ඇත.

ඊයේ (29 දා) සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ වෛi සරත් වීරබණ්ඩාර මහතා මෙසේ කියා සිටියේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා මා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළා. සැකකාර වෛi ෂාෆි සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ මා පෙනී සිටියේ අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ වන මා හට නියෝගයක් ලබාදුන්නා. මා අධිකරණය හමුවේ පෙනී සිටියේ එම වාර්තාව ඉදිරිපත් කිරීමටයි. එහෙත් ශානි අබේසේකර මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කියා සිටියේ මා කිසිම හේතුවක් නොමැතිව තුන්වන පාර්ශ්වයක් ලෙස අධිකරණය හමුවේ පෙනී සිට වාර්තාවක් නිකුත් කළ බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැනි පිළිගත් කමිටුවක් හමුවේ එවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතාම බරපතළ වරදක් ලෙස මා දකිනවා. මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකර දෙන ලෙස මා පොලිසියෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම පසුගිය 03 දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුරුණෑගල රෝහලේ මාගේ කාර්යාලය වෙත කිසිදු අවසරයකින් තොරව පැමිණියා. ඒ අවස්ථාවේ මා ඉතා වැදගත් රාජකාරියක නිරතව සිටියා. ඔවුන් ඒ කිසිවක් ගණනකට නොගෙන මාගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් මා හට නොයෙකුත් බලපෑම් එල්ල කළා. අධිකරණය විසින් නතර කර තිබූ පරීක්‍ෂණයක් සඳහා නැවත විමර්ශනයක් කිරීමට මා පොළඹවා ගැනීමට දැඩි බලපෑම් එල්ල කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ක්‍රියාව අධිකරණය ද හෑල්ලුවට ලක් කිරීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ සරත් වීරබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කිරීම සහ තම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සරත් වීරබණ්ඩාර මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසියෙන් ඉල්ලා ඇත.

ඊයේ (29 දා) සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ වෛi සරත් වීරබණ්ඩාර මහතා මෙසේ කියා සිටියේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා මා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කළා. සැකකාර වෛi ෂාෆි සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ මා පෙනී සිටියේ අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂ වන මා හට නියෝගයක් ලබාදුන්නා. මා අධිකරණය හමුවේ පෙනී සිටියේ එම වාර්තාව ඉදිරිපත් කිරීමටයි. එහෙත් ශානි අබේසේකර මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කියා සිටියේ මා කිසිම හේතුවක් නොමැතිව තුන්වන පාර්ශ්වයක් ලෙස අධිකරණය හමුවේ පෙනී සිට වාර්තාවක් නිකුත් කළ බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැනි පිළිගත් කමිටුවක් හමුවේ එවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතාම බරපතළ වරදක් ලෙස මා දකිනවා. මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකර දෙන ලෙස මා පොලිසියෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම පසුගිය 03 දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුරුණෑගල රෝහලේ මාගේ කාර්යාලය වෙත කිසිදු අවසරයකින් තොරව පැමිණියා. ඒ අවස්ථාවේ මා ඉතා වැදගත් රාජකාරියක නිරතව සිටියා. ඔවුන් ඒ කිසිවක් ගණනකට නොගෙන මාගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් මා හට නොයෙකුත් බලපෑම් එල්ල කළා. අධිකරණය විසින් නතර කර තිබූ පරීක්‍ෂණයක් සඳහා නැවත විමර්ශනයක් කිරීමට මා පොළඹවා ගැනීමට දැඩි බලපෑම් එල්ල කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ක්‍රියාව අධිකරණය ද හෑල්ලුවට ලක් කිරීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ සරත් වීරබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

colombotoday

“ජනපති දැන් මොනව කීවත් වැඩක් නෑ… හයිබ්‍රිඩ් යුධ අධිකරණට ආණ්ඩුව ඇමරිකාවට එකග වෙලා ඉවරයි“

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 10ක්…

colombotoday