Uncategorized

“සිංහල ගම්මාන – පන්සල් ඉවත් කරනු, උතුර, නැගෙනහිර එක්කර ස්වයංතීරණ අයිතිය දෙනු” – දෙමළ පක්ෂවල කොන්දේසි මෙන්න,

මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල කෙරෙන සිංහල ජනාවාසකරණය නවතා දැමීමත්, එම පළාත්වල ස්ථාපිතව ඇති සියලු සිංහල බෞද්ධ විහාරස්ථාන සහ ගම්මාන වහාම ඉවත් කිරීමත් ඇතුළු කාරණා 13ක් උතුරේ දේශපාලන පක්ෂ පහක් විසින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියෙහි සඳහන්ව ඇතැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට කරුණු 13ක් ඇතුළත් යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ පහක් පෙරේදා (14වැනිදා) සවස එකඟතාවක් අත්සන් කළහ.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත කළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් විසින් විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ යෝජනාවලිය කෙරෙහි සාමූහික කැමැත්ත පළ කරමින් අත්සන් තැබීම සිදුවිය.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා වෙත අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත අතර, යෝජනාවලියේ කරුණු වෙනුවෙන් ඇතිකරගන්නා ලිඛිත එකඟතාව මත ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාවගේ සහයෝගය ලබාදෙන පුද්ගලයා තීරණය කිරීමට නියමිත බව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.තිවාකරන් මහතා පවසයි.

සාකච්ජාව වෙනුවෙන් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ මහජන පෙ ණේ නායක සී.වී.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා හා දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා එක්වූ අතර, දෙමළ මහජන සභාවේ නායක ග‍ජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පමණක් යෝජනාවලිය වෙනුවෙන් ‍එකඟත්වය පළ කිරීම ප්‍රතික්ෂේප කළේය. දෙමළ ජනතාව මුළා කිරීමට නොහැකි බව පවසමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා යෝජනාවලිය වෙනුවෙන් කැමැත්ත පළ නො‍කළේය.

යෝජනාවලියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගෙන් විමසීමේ දී හෙතෙම පැවසුවේ.

01.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම.

02.අවසන් යුද සමයේ සිදුවු යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා යුද අපරාධකරුවන් වෙනුවෙන් දඬුවම් ලබාදීම.

03.හදිසි නීතිය ඉවත් කිරීම.

04.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කිරීම.

05.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම හා වැරදිකරුවන් වෙනුවෙන් දඬුවම් ලබාදීම.

06.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් පෞද්ගලික හා ර‍‍ජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

07.උතුරු නැගෙනහිර ස්ථාපිතව පවතින සියලු සිංහල බෞද්ධ විහාරස්ථාන හා සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

08.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය විසින් සිදු කරන උතුරු පළාතේ සිංහල ජනාවාසකරණය හා නැගෙනහිර පළාතේ සිංහල ජනාවාසකරණය නවතා දැමීම හා සිදුකොට ඇති ජනාවාස ඉවත් කිරීම.

09.වන්නි ප්‍රදේශය යටතේ ස්ථාපිත කොට ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම.

10.පුරාවිද්‍යා,වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන ඇති දෙමළ ජනතාවගේ නිජ භුමිය වහාම අදාළ රජයේ ආයතන යටතින් නිදහස් කිරීම.

11. යුද්ධයෙන් පීඩාවට ලක් වූ උතුරු නැගෙනහිර තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදීම හා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව දුරලීම.

12.උතුරු නැගෙනහිර පෞද්ගලික අංශයේ හා රජයේ රැකියා ලබා දීමේ දී ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මුලිකත්වය ලබාදීම.

13.උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන ප්‍රදේශයන් නියෝජනය කරන මහජන කමිටුවක් හරහා සිදුකිරීම. යන කරුණු වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ එකඟතාව පළ කොට ලේඛනයට අත්සන් කළ බවයි.

ඉදිරියේ දී අදාළ යෝජනාවලිය ප්‍රධාන ජනාධිපති ධුර අපේකෂකයන් වෙත යොමුකොට ඔවුනගේ කැමැත්ත ලිඛිතව ලබා ගැනීමට නියමිත අතර ඒ හරහා උතුරු නැගෙනහිර ගැටලුව වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළේය.

Related posts

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

colombotoday

Fitness Tips – How much exercise you need to be healthy

colombotoday

IPL ගහන්න ආ නවසීලන්ත ක්‍රීඩකකුට කොරෝනා.

colombotoday

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday