Colombo Today Local News

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත

මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ.
ඩුබායි පොලිසිය කළ දැනුම්දීමක් මත ඉකුත් 19 දා රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් එරට බලධාරීන් භාරයේ සිටි මෙම කණ්ඩායම මෙරටට ගෙනැවිත් ඇත.

මෙම සැකකරුවන් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට හෙළි වූ කරුණු මත එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

වී නිශ්පාදනය 46%කින් පහත වැටේ… පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය 2017 වසරේ

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin