Colombo Today Local News

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකිරීමක් ඇති කරන කාරණයක් බවත් එවැනි සභාවක් පිහිටුවීමෙන් ආණ්ඩුව බරපතල වරදක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (19) පැවසූහ.

රතන හිමියෝ මේ බව පැවසූයේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සයින්දමරුදු ප‍්‍රදේශය මුස්ලිම් අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබියදී ඒ ප‍්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මෙම සිදුවීමෙන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සිංහල ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවගෙන් විවිධ පීඩාවන්ට පත්ව සිටින නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවත් කළකිරිමට පත්ව ඇති බවද උන්වහන්සේ පැවසූහ.

තමන් මුහුණ දෙන ගැටලු පෙන්වා දී කල්මුණේ ප‍්‍රදේශයට තමන් වෙනුවෙන් වෙනම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදෙන ලෙසට වසර ගණනාවක් තිස්සේ අම්පාරේ ද්‍රවිඩ ජනතාව ඉල්ලා තිබෙන බවද එහෙත් මේ දක්වා ඔවුන්ගේ ඉල්ලීමට කිසිඳු කන්දීමක් කර නැති බවද රතන හිමියෝ පැවසුහ.

කිසියම් ප‍්‍රදේශයකට වෙනම පළාත් පාලන ආයතනයක් පිහිටුවන්නේ නම් එය කළ යුත්තේ ඒ වෙනුවෙන් පත්කළ කොමිසන් සභාවක් මගින් කරුණු අධ්‍යයනය කර ලබාදෙන නිර්දේශ මත බවද මෙහිදී එවැන්නක් සිදුව නැති අතර එය හුදෙක් අන්තවාදීන්ට කප්පම් ලබාදීමක් හා සමාන බවද රතන හිමියෝ පැවසූහ. වාර්ගික පදනම මත පරිපාලන ඒකක බෙදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද උන්වහන්සේ පැවසුහ.

එතෙකින් නොනැවති ආණ්ඩුව මද්‍රසා පාසල් නීත්‍යානුකුළ කිරීමට උත්සාහ කරන බවද රතන හිමියෝ පැවසූහ. මද්‍රසා පාසල් පවත්වාගෙන යනු ලබන්නේ නීති විරෝධිව බවද ඒ අනුව මෙම පාසල් තහනම් කිරීමට හෝ අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටි බවද උන්වහන්සේ පැවසූහ. එහෙත් දැන් මද්‍රසා පාසල් ලියාපදිංචි කර ඒවා නීත්‍යානුකුළ කිරීමට ආණ්ඩුව තුළ සාකච්ඡා මතුව තිබීම කණගාටුවට කරුණක් බවද රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Related posts

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday

“රාජ්‍ය ආයතන 6 ක්‌ කුණු කොල්ලයට විකිනීමට සුදානම්” – හිටපු ජනපති

colombotoday

සජිත්ගේ සමගි ජන බලවේගයේ නාමයෝජනා නිෂ්ප්‍රභ කරන්න ඉල්ලා හිටිහාමිලාගේ හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday