Colombo Today Local NewsTop Stories

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

සඳහිරු සෑයට දුන් රත්‍රං ටික දැන් හැමතැනම හොයමින් සිටින බවත් සඳහිරු සෑයේ තැන්පත් කීරීමට රත්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගෙන පාලි ගැනීම බොහොම වැරදි ක්‍රියාවක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මෙම රත්‍රං ලබාගත්තේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකට අනුව බවත් මුදල් ඇමතිවරයා ලෙස තමා එම රත්‍රං නිදහස් කල බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රත්තරන් කිලෝ කිලෝ අටක් බරැති සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සතු රත්රන් ලබාදී සාපරාධි විශ්වාසය කඩ කළායැයි සඳහන් කරමින්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනවිරත්න යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Related posts

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

colombotoday

මහැදුරු සෝමදේවයන්ගේ කැණීම් සටහන් පරික්ෂා කිරීමට තරම් සමතෙක් පුරාවිද්‍යාවේ නැතිලු..

colombotoday

ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය කිරීමට කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කරලා

colombotoday