Colombo Today Local News

සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනට

new party

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ 8 නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් සූදානම් වන බව වාර්තා වනවා.

ඒ සදහා කෙරෙන සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ තිබෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය , ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ඊට එක් වී සිටින බව පැවසෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද මෙම නව පෙරමුණට එක්කර ගැනීමටයි සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

colombotoday

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday

ඇමති ජෝන් ජනපති අණට උඩින් යයි.. මන්නාරම නොසන්සුන් !

colombotoday

මැකොස ඇතුළු ස්වාධීන කොමිෂන් සභා වල නව සාමාජිකත්වයට අයැදුම්පත් කැඳවයි

Admin

සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසියට තග දායි

colombotoday

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

colombotoday