Covid 19World

සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබේ.

එරට ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙකු පවසා සිටියේ, මෙම ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. පසුව කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා ක්ලෝරෝක්වින් භාවිත කිරීමට එරෙහිව අනතුරු අඟවමින් නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කළේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී කියා සිටියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා බලවත් ඖෂධයක් ලෙස ක්ලෝරෝක්වීන් එරට ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමත කර ඇති බවයි. නයිජීරියානුවන් මෙම වෛරසය මැඬලීම සඳහා එය භාවිත කිරීමට එය හේතු වී ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ක්ලෝරෝක්වින් ඖෂධය කොවිඩ්-19ට එරෙහිව භාවිත කිරීම සඳහා අනුමත කර නොමැති බවයි. එය රෝගයට එරෙහි එහි ඵලදායීත්වය පිළිබඳව තවමත් අධ්‍යයනය කරමින් සිටින බවත් එය නිවේදනයෙන් කියා තිබුණි.

එමෙන්ම චීනයේ, එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල වෛද්‍යවරු කොවිඩ් -19 රෝගීන් සඳහා මෙම ඖෂධය පර්යේෂණාත්මකව භාවිත කර තිබුණත්, එය මිනිසුන්ට හෝ රෝගය පාලනය කිරීම සඳහා ඵලදායී බවට සායනික සාක්ෂි තවමත් නොමැති බව සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු හදිසි ප්‍රතිචාර වැඩසටහන් කළමනාකරු වෛද්‍ය මයිකල් යාඕ කියා සිටියේ, සායනික අත්හදා බැලීම් යටතේ ඖෂධ වර්ග 20ක් සහ එන්නත් 20ක් සායනික පර්යේෂණ මට්ටමේ පවතින බවයි. කෙසේ වෙතත් කොවිඩ්-19 සඳහා භාවිතය වෙනුවෙන් මේ කිසිදු ඖෂධයක් සම්බන්ධයෙන් සහතියක් ලබාදීමට තවමත් කල් වැඩි බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මෙම ඖෂධය කොරෝනා රෝගය මැඬලීම සඳහා භාවිත කරන ලෙස පසුගියදා ජනතාවට උපදෙස් දුන් අතර, පසුව ක්ලෝරෝක්වීන් ඖෂධය කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත්, එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට උපදෙස් දෙන ලදී.

Related posts

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday

මුස්ලිම් පියාට සහ බෞද්ධ මවට දාව උපන් කාන්තාවක් මුස්ලිම් නොවන බවට අභියාචනයකින් තීන්දු කරයි

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday