Colombo Today Local News

“සජිත් ජනාධිපති වුණොත් මෛත්‍රීපාලට අගමැතිකම දෙන්නෑ“ – මරික්කාර්

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා  අගමැති බවට පත් කරනවා යන්න අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවත්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ රජයක් එය සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

“අපි මේ පාර අවුරුදු 20 කට පස්සේ පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් පත් කරගෙන, අගමැතිවරයෙක්  තමයි පත් කරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් අනියත බියක් හදාගෙන යනවා සජිත් ප්‍රේමදාස මහතා  ජනාධිපති වුණොත් මෛත්‍රිපාල සිරිසේන මහතා  අගමැති කරන්න හදනවා කියලා.

ඒක එහෙම වෙන්නේ නෑ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ 99%ක්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක තරහයි. ඒ බය ඇති කරලා පොඩි ක්‍රමන්ත්‍රණයක් කරන්න යන්නේ. අපි තවදුරටත් ඉතා පැහැදිලිවම කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ කිසිසේත්ම අගමැති කරන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙක් තමයි පත් කර ගන්නේ. ඒ නිසා ඇතැම් මාධ්‍යවලින් ව්‍යාජව පතුරුවන ප්‍රවෘත්ති වලට බුද්ධිමත් මිනිස්සු අහුවෙන්නේ නැහැ කියලා අපි සිතනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ගම්පෙරළිය” වැඩසටහන යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය කරන ලද අතුරු මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකදීය.

Related posts

රාජිත අපට මර්ණ තර්ජණ කරනවා – සුදුවෑන් කිඹුලන් දෙදෙනාගෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin

තිරිඟු පිටි මිල අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන්ගේ සංගමය කියයි

Admin

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට..

Admin