Colombo Today Local News

සංහිදියාව ඇති කරන්න නම් උතුරේ සංවර්ධනය වේගවත් කළ යුතුයි – අර්ජුන

රට සංවර්ධනය කිරීමේදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා බැලීමට හැකියාවක් නොමැති බවත්, රටේ සහජීවනය සහ සමගිය ඇතිකිරීම උදෙසා උතුරු ප්‍රදේශයේ සංවර්ධනය වේගවත් කළයුතු බවත්වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය යාපනය කයිට්ස්හිදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“රට සංවර්ධනය කිරීමේදී දකුණ කියලා වෙන් කරන්නේ නැහැ. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ආදී වශයෙන් සමස්තයක් ලෙස රට සංවර්ධනය කිරීමට අපි අපේක්ෂා කරනවා. පසුගියකාලේ අපිට තිබුණ ප්‍රශ්නය වුණේ මුදල්. අපි ණය වුණු ජාතියක් බවට පත් වුණා. මේ ණය බර නැගෙනහිර ඉන්න අයටත්, බස්නාහිර ඉන්න අයටත්, දකුණේ ඉන්න අයට මෙන්ම උතුරේ ඉන්න අයටත් බලපානවා. නමුත් අපි මේ වනවිට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කර තිබෙනවා. අද අපි ආරම්භ කරන යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන ව්‍යාපෘතිය එහි එක් පියවරක්. ඒ යටතේ උතුරේ දුපත්වල ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරනවා” යැයිද පැවසීය.

Related posts

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday