Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්…

ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ මින් ඉදිරියට ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදිකළ යුතු බවට අද (18දා) නියම කළේය.

ආබාධ සහිත පුද්ගලයෙකු වන ආචාර්ය අජිත් සී. පෙරේරා මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ආබාධ සහිත පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතූවෙන් අජිත් සී. පෙරේරා මහතාට රුපියල් 50,000ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමට රජයට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අබාධ සහිත පුද්ගලයන්ට රජයේ ගොඩනැගිලිවලට ප්‍රවේශ මාර්ග නොමැති හෙයින් මෙම රෙගුලාසි සහ රීතිවලට අනුකූල නොවන ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියම කළේය.

ආචාර්ය අජිත් සී.පෙරේරා මහතා ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටුයතු කළ අමාත්‍ය දයා ගමගේ, පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටුයතු කළ ෆයසර් මුස්තාපා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නගර සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.

Related posts

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

colombotoday

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි.. ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday