Colombo Today Local News

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානය වූහාන් බලා පිටත් වෙයි !

කොරෝනා වෛරසය ප්‍රථමයෙන් ව්‍යාප්ත වූ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද පස්වරුවේ වූහාන් බලා පිටත්ව ගියේය.

අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 3.55ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1422 ගුවන් යානය මෙලෙස වූහාන් බලා පිටත්ව ගිය බවයි.

ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.43ට පමණ චීනයේ වූහාන් නගරයේ ටියැංහේ ගුවන්තොටුපලට ළඟා වීමට නියමිතයි.

වූහාන් නගරය අයත් හුබෙයි ප්‍රාන්තය තුළ ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු අධ්‍යාපනය ලබමින් සිටියි.

Related posts

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

චාමර සම්පත්ට ඇප ලැබෙයි

Admin

නුගෝගොඩ රැලියට එන්න යන ආණ්ඩුවේ අයට මහින්දගෙන් පණිවිඩයක් (Video)

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin