Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද (29දා ) දහවල් දක්වා කාලය තුළ දිවයිනෙන්  කොරෝනා වෛරස් ආසාදිතයින් 311 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම ආසාදිතයින්ගෙන් අද උදැසන දක්වා වාර්තා වී තිබු කොරෝනා ආසාදිතයින් 308 දෙනාගෙන්
 235 දෙනෙකුම නාවුක හමුදා භටයින් වන අතර සෙසු 73 දෙනා නීරොධායනය වෙමින් සිටියදී තහවුරු කරගත් ආසාදිතයින් බව එම අංශය කියයි.

 මේ වන විට  හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් දිවයිනේ  දිස්ත්‍රික්ක 26න්  22 ක පදිංචිකරුවන් වන අතර නුවර එළිය ,මන්නාරම ,කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවලින් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන   නොමැත.

මේ අතර අද දහවල් වන විට දිවයිනේ රජයේ රෝහල් 33ක  කොරෝනා ආසාදිතයින් බවට සැක කෙරෙන  රෝගීන් 250 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ගෙන් 249 දෙනෙකු ශ්‍රී ලාංකිකයින්ද එක් අයෙකු විදේශීකයකුද වේ.

Related posts

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති අත්හිටුවා ඇත්තේ ටෙන්ඩර් මගඩියක් නිසා ??

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday