Colombo Today Local News

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇති බව වාර්තා වේ

ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංක්‍යාවක් ගොඳුරුවී ඇත.

මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇති බවයි වාර්තා වන්නේ
පසුගිය වසරේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වූ චීන තානාපති කාර්යාලයේ සහ රජරට විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවි මේ වසරේ දී ද සයිබර් ප්‍රහාරයට නතුවී ඇත.

මේ අතර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක්ද මෙම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වී ඇති බව වාර්තා වේ.

Related posts

ජනපති මෛත්‍රීට අවුරුදු හයම බලයේ සිටිය හැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin

සිරගත කොටින්ගේ මානව හිමිකම් කඩවුණාදැයි බලන්න ගිය UN නියෝජිතයෝ හොරෙන්ම කට උත්තරත් අරන් !

colombotoday

හිටපු අමාත්‍යවරයෙක් හදිසියේ මියයයි

Admin

නාවික හමුදා භාරයේ තිබූ ඉරනතිව් දූපත පිරිසක් බලහත්කාරයෙන් අල්ලා ගනී

colombotoday

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

colombotoday