Colombo Today Local News

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම පැමිණිල්ල අද (24)දින කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළහ.

එම නීතිඥවරු සඳහන් කර සිටියේ තම සේවාදායකයා මේ වන විට දින විසිඑකක් පමණ රිමාන්ඩ් භාරයේ පසුවන බවත් පරීක්ෂණවලට උපරිම සහාය ලබාදී ඇති බවත් ය.

මෙම සැකකරුට එල්ලව තිබෙන චෝදනාව ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ඇප දිය හැකි වරදක් බවද එම නීතිඥවරුන් අධිකරණය හමුවේ සිය ඇප ඉල්ලීම් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.

Related posts

“දමිළයනි නැගිටිව්.. සිංහල බෞද්ධයන් උතුරට එපා“ රජයේ ලිපි ශීර්ෂයෙන් විග්නේෂ්වරන් ලිපි යවයි

colombotoday

ඡායාරූපයේ කතාව !

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday

කංසා වගාවට නීතිගේන යෝජනාව සම්මතයි

colombotoday

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin