Colombo Today Local News

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

එහි අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහුට නියෝග කළේය.

පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියේය.

අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යැයි ඉකුත් 01 වන දා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

colombotoday

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

colombotoday

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

colombotoday

රට ගොඩ නැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවන්න- විමල්

colombotoday

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

colombotoday

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin