Colombo Today Local News

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

නොනැවතී සිදුවෙමින් පවතින් විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයට එරෙහිව නැවත වරක් සමාජ විරෝධය උත්සන්න වෙද්දී සුපුරුදු පරිදි ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතුන් නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් මහා වන සංහාරය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් ඇත.

ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතෙකු වන වව්නියාව බෝධිදක්ෂිණාරාමාධිපති
උතුරු-නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර, එහිදි එහිමියන් සදහන් කළේ දකුණේ පිරිස් විසින් විල්පත්තුව පිළිබදව බොරු චිත්‍රයක් මවා ජාතිවාදය ඇවිලවීම නැවතත් කටයුතු කරමින් සිටින බවයි.

විල්පත්තුව ආශ්‍රිතව නැවත පදිංචි කර ඇත්තේ යුද්ධයට පෙර එහි සිටි ජනතාව බවත්, ඒ දෙස මානුෂීයව බැලිය යුතු බවත් එහිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියේය. මෙම මාධ්‍ය හමුවට බදියුදීන් ඇමතිවරයාගේ පක්ෂය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී විගණකාධිපතිවරයා විසින් විල්පත්තු වන සංහාරය පිළිබදව නිකුත් කළ වාර්තාව මගින් අනාවරණය කෙරුණේ, ඉදිකල නව ජනාවාසවල පදිංචිකර ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ පිරිස් නොව වෙනත් ප්‍ර දේශවලින් ගෙන්වූ මුස්ලිම් ජාතිකයන් බවයි. පාකිස්ථානයේ හා විවිධ රටවලින් මෙරටට අනවසරයෙන් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතිකයන් ද මෙම ජනපදවල පදිංචි කර ඇති බවටද මිට පෙර චෝදනා එල්ලවිණි.

සියඹලාගස්වැවේ විමලසාර හිමියන් ඇතුළු පිරිස මීට පෙරද රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා චෝදනාවට ලක්වූ අවස්ථාවල ඔහුගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් රට නොමග යැවීමට කටයුතු කළ බවට චෝදනා එල්ලවිණි.

Related posts

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday

බරපතළ මූල්‍ය අපරාධ වාර්තාවෙන් ප්‍රබල ඇමැතියකුට නඩු

colombotoday

සෞදි වහල් සේවයට ලාංකික කාන්තාවන් නොයවනු… රජයට මහජන බලපෑම්

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday

නිල් බලකායෙන් ගහන්න ආවා.. මං පිස්තෝලේ අරන් දිව්වේ එජාප මන්ත්‍රීලාගේ ආරක්ෂාවටයි – එරාජ් ප්‍රනාන්දු

colombotoday