Colombo Today Local News

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

wimalසම්මන්ත‍්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ගුවන් තොටුපලේදී ඇති වූ ප‍්‍රශ්නයක් හේතුවෙන් පොලිස් අපරාධ මර්ධන ඒකකය විසින් රඳවාගෙන සිටී.

තම විදේශ ගමන් බලපත‍්‍රය අස්ථාන ගත වූ බව දැන්වීම නිසා අවලංගු කරන ලද විදේශ ගමන් බලපත‍්‍රය අද දිනයේ ඉදිරිපත් කිරීම නිසා මෙම තත්වය ඇති වී තිබේ. සිය විදේශ ගමන් බලපත‍්‍රය අස්ථානගතවීම නිසා ඔහු ඒ බව දන්වා නව විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගෙන තිබී ඇති අතර පසුව මෑතකදී නැවත පැරණි විදේශ ගමන් බලපත‍්‍රය හමු වී ඇත.

අද දිනයේ එය ගුවන් තොටුපලට ඉදිරිපත් කිරීමේදී එහි වාර්තාවලින් ඉවත් කර තිබීම නිසා මෙම ප‍්‍රශ්ණය පැන නැගී තිබින. මේ වන විට තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී.

මේ අතර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අගමැති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත වීරවංශ මහතාට විදෙස්ගත වීමට අවසර දුන් බවයි.

Related posts

ඇමැති බන්දුල කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානමක්.. කිලිනොච්චියෙන් බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කරයි

colombotoday