Colombo Today Local News

විදේශයන්හි සිරවූ ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව නවත්වා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන්ට රැසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

දැනට නිරෝධන මධ්‍යස්ථාන වලදී ද ඉඩකඩ සීමිත වීම සහ කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායන කළ යුතු නිසා විදේශයන්ගෙන් මෙරටට ගෙන මෙසේ තාවකාලිකව අත්හිටවූ බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව එළැඹෙන 14 වැනිදා සිට විදේශයන්හි පිරිස් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

Related posts

නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් අවසන් ගමන් යයි

colombotoday

විමල් නැවතත් රිමාන්ඩ් !

colombotoday

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට කමිටුවක්

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

colombotoday

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

colombotoday