Uncategorized

විකල්පයක් නෑ…අකමැත්තෙන් වුවත් පොහොට්ටුවට එකතු වෙනවා – ඩිලාන්

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ(02) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළ අතර ඊට ඒ මහතාගේ පියා වන ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර පසුගිය ඉල්ලා අස්වූ මාර්ෂල් පෙරේරා මහතා ද එක්ව සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ආකාරයට ගමන් නොකළ හොත් අකමැත්තෙන් වුවත් පොහොට්ටුව සමඟ එක් වීමට සිදු වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – දෙවන දිගහැරුම

Charith Sankalpana

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

colombotoday

TNA විරෝධය මැද මුලතිව් නාහිමි දේහය විහාර භූමියේම ආදාහනය කරයි….

colombotoday

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday