Colombo Today Local News

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

කොළඹ වරායේ හඳුනාගත් අංශවල කටයුතු සඳහා විශ්‍රාමික සේවකයින් කැඳවීමට තීරණය කර තිබේ.

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පැවසුවේ, ඊට අමතරව වෙනත් ආයතන කිහිපයකින් ද සේවකයින් කැඳවීමට පියවර ගන්නා බවයි.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග මෙම තීරණයට එළැඹි බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර, පවතින තත්ත්වය හේතුවෙන් විවිධ රටවල සිට මෙරටට ළඟා වූ නැව් 14 ක් කොළඹ වරාය පරිශ්‍රයට ඇතුල් කර ගැනීම ප්‍රමාදවී තිබේ.

මේ අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, වරාය පරිශ්‍රය තුළ පැය 24 විවෘතව පවතින මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බවයි.

Related posts

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්

colombotoday

පිළිකා රෝහලට වාට්ටුව හදපු මටත් සී.අයි.ඩී. යන්න වුනා

Admin