Colombo Today Local News

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසීය.

විශේෂයෙන්ම ඔවුන් සැලකිලිමත් වන්නේ එය දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට ව්‍යාප්ත විය හැකි බව නිසා යැයිද ඔහු සඳහන් කළේය.

නව කොරෝනා වෛරසයෙන් චීනයේ පමණක් ඊයේ (30දා) දිනය අවසන් වනවිට පුද්ගලයන් 213ක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිල තොරතුරු ඇසුරෙන් ප්‍රකාශයට පත්කොට තිබුණි.

තවත් රටවල් 18ක රෝගීන් 98ක් වාර්තා වී ඇති නමුත් මරණ කිසිවක් සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහිදී බොහෝ ආසාධිතයන් හමුවී ඇත්තේ වෛරසය පැතිරීම ආරම්භ වූ චීන නගරයක් වන වුහාන් සිට ගමන් කළ අය තුළය.

Related posts

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

colombotoday

ගිය ආණ්ඩුව සීමා ලකුණු කරේ නයි ඇරිය වගේ.. පුංචි ඡන්දේ ප්‍රමාදයට හේතුව ඒකයි

colombotoday

චන්ද්‍රිකාට මල පනී – මැතිවරණ කොමිසමට ලිපියක්!

Admin

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday