Colombo Today Local News

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

පාඩු ලබන ලංකා ලුණු සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබාදී තිබේ.

2018 වසරේ සිට තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතුව සොයා ලාභ ඉපයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්ත්වය විමසුමට ඊයේ (24)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

1998 වසරේදී පෞද්ගලිකරණයට සැලසුම් කර තිබූ ලුණූ සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත් වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල හෙවත් ඊ.ටී.එෆ් ආයතනය යටතට පත් කරනු ලැබීය.

පසුව සමාගයේ ප්‍රග්ධනයෙන් සියයට අනූවක් ඊ .ටී.එෆ් ආයතනය ද සියයට 10ක් සේවකයන් ද හිමිකර ගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

ඊ.ටී.එෆ් ආයතය යටතේ පවතින සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුත බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපයීමට පියවර ගන්නා ලෙස ප්‍රකාශ කර තිබේ.

ලුණූ ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවත් 2015 ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවාධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපයීමට ඇති උපාය මාර්ග තමාට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

මහින්ද රාජපක්ෂ ජැක්සන් බලන්න රෝහලට යයි

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

colombotoday

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකාර සහරාන්ට නායකත්වය දුන් පූජකයා අත්අඩංගුවට

colombotoday