Colombo Today Local News

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිධූරය නීතිඥ අතුළ ප්‍රියදර්ශණ ද සිල්වාට

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් LECO හි නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්‍රියදර්ශණ ද සිල්වා මහතා පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.

ඊයේ (23) ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේ දී  ඒ මහතා අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපිය බාර ගත්තේය.

LECO හෙවත් ලංකා විදුලි පුද්ගලික සමාගම 2019 වසරේ කෝටි 300කට ආසන්න ආදායමක් උපයා ඇති අතර, බස්නාහිර පළාතේ හා ගාල්ල නගර සීමාව තුළ එම සමාගම විසින් සිය මෙහෙයුම් පවත්වා ගෙන යයි. ලක්ෂ පහමාරකට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් සිටින ලංකා විදුලි පුද්ගලික සමාගම 1500කට ආසන්න සේවක පිරිසක් සේවය කරන ආයතනයකි.

ඒ මහතා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මහජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීම නිසා ලංකා විදුලි පුද්ගලික සමාගම මේ වනවිට මහජනතාව අතර විශ්වාසය දිනා ඇති බවයි. විදුලිය බිඳ වැටීමක දී ඉතාමත් සුලු කාලයක් තුළ නැවත විදුලිය ලබා දිමට පියවර ගැනීම නිසා එම විශ්වාසය ගොඩනැගී තිබෙන බවත්, ලංකා විදුලි පුද්ගලික සමාගම පවත්වාගෙන ආ එම ගුණාත්මක සේවාව ඉදිරියටත් ලබා දීමට කැප වන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය. 

Related posts

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

colombotoday

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

Admin

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

මෝටර් රථයකින් ආ පිරිසක් තවත් මෝටර් රථයක් කොල්ලකයි

Admin

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

“මේක විකුණන ආණ්ඩුවක්.. මෙහෙම ගියොත් කච්චතිව් දූපතත් විකුණයි” – ඇමති සුසිල්

colombotoday