Colombo Today Local News

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අවදානම නිසා රාමසාන් කාලයේ මුස්ලිම් දේවස්ථානවල කැඳ සකස් කර ලබාදීමේ වැඩපිළිවෙළ මෙවර නතර කරන ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සියලුම දේවස්ථානවලට දැනුම් දී තිබේ.

කැඳ ලබාගැනීම සඳහා ජනතාව දේවස්ථානවලට පැමිණීම වෛරසය තවත් ව්‍යාප්ත වීමට හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වෙයි. එම නිසා කැඳ නිවෙස්වල සකස් කරගත යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

රාමසාන් සමයේ ජනතාව ඒකරාශි කර ගනිමින් යාච්ඤා මෙහෙයන් සිදු කිරීමද මුස්ලිම් දේවස්ථානවලට තහනම් කර ඇත. මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් සමය ඊයේ (25 වැනිදා) ආරම්භ විය.

Related posts

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday

සරුංගල් සිද්ධික් මුල්කරගෙන මිනුවන්ගොඩ සිදු කල ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සමඟ අයෙක් අල්ලයි

Admin

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

Admin

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

colombotoday

චැතැම් වීදියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර..

colombotoday

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin