අගමැති තනතුරේ දිවුරුම් දීම සදහා රනිල් වික්රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.
එහෙත් මේ වනතුරුත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එහි පැමිණ නැති බවද වාර්තා වනවා.
අප වාර්තා කරුවන් පැවසුවේ මංගල සමරවීර හා කබීර් හෂීම් මන්ත්රීවරුන්ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති බවයි.
අද පෙරවරු 11 යි 16 ට යෙදෙන සුභ මොහොතින් දිවුරුම්දීම සිදුකරන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටී.