Colombo Today Local News

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිටියදි  බලන්න යෑම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බව කැලණියේ හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පවසයි.

“මමත් මාස හතරක් හිරේ හිටියනේ අපි හිරේ ගිහින් අවා. ප්‍රශ්නයක් නැනේ මේ හොඳින් ඉන්නේ. දේශපාලන අනාගතේ හොඳ දෙයක් වෙයි. මම රංජන්ගේ ප්‍රවෘත්තිය බැලුවා. හිරු එකෙත් පෙන්නුවා, සිරසෙත් පෙන්නුවා,හැබැයි  රංජන්ගේ වැඩේ මම අනුමත කරන්නේ නෑ. ඒ කියන්නේ උසාවි වල කාටහරි බලපෑම් කරලා,සිඅයිඩි එක්ක සාකච්ජා  කරලා, දුමින්ද සිල්වා වගේ තරුණයෙක් ,ඔහුට අසාධාරණයක්  වුනාද  දන්නෑ.  මන් දැක්කේ මේක ටිවී එකේ විතරයි. අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අධිකරණය කවදත් පක්ෂපාතිත්වයක්  නෑ. අපක්ෂපාතිත්වය පවතින තැනක්. අධිකරණය බොහෝම ශ්‍රේෂ්ඨයි ලංකාවේ.

නමුත් ඒ ටෙලිෆොන් සංවාදය බැලුවහම මම කනගාටු  වුණා රංජන් රාමනායක බලන්න යෑම ගැන. මම ගියා බලන්න ඒවා ඇහුවහම ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා හිතෙනවා. එකට මම බලවත් විරෝධය පානවා.දුමින්ද සිල්වා,මර්වින් සිල්වා,සජින් වාස් ,සරණ ගුණවර්ධන,අපි හතර දෙනා හිටිය නම් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා. මමත් ඡන්ද එක්ලක්ෂ හැට දාහක් ගත්තා. ලක්ෂ දෙක හමාරකින්  පැරදුණේ. අපිට නොමිනේෂන්  දුන්නේ නෑ. දුමින්ද සිල්වා හිටියා  නම් ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැතුව එතුමත් ගන්නවා ඡන්ද ලක්ෂ දෙකකට වැඩිය. සජින් වාසුත් ගන්නවා,සරණ ගුණවර්ධනත් ගන්නවා. අපි හතර දෙනා ගන්නවා ලක්ෂ හතරකට වැඩිය” යැයි  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසා සිටියේය.

පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකුට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කොට වාහන හතරකට අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත්   එක්සත් ජාතික පක්ෂයේ  වත්මන් මින්නේරිය ආසනයේ  සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) නැවත වරක් නඩුව විමසා බැලීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

Admin

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට – ජලාශ 18ක් වාන්මට්ටමේ

Admin