Colombo Today Local News

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයේ අගමැති යෑයි හඳුන්වාගත් විශ්වනාදන් රුද්රකුමාරන් එම සංවිධානයෙන් පහ කර ඇත.

ජර්මනියේ සිටින ඊළාම් ආණ්‌ඩු නියෝජිත එල්. පත්මනාදන් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවකින් රුද්රකුමාරන්ට සිය බලය අහිමි වී ඇති අතර විශ්වනාදන්ගේ 20 කින් යුත් කැබිනට්‌ මණ්‌ඩලයද නෙරපා දමා ඇත.

ප්‍රභාකරන් සතුව ස්‌විස්‌ බැංකුවක ඇති ඩොලර් මිලියන පහක වත්කම පාලනය කළේද රුද්රකුමාරන්ය.

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වූයේ වසර 9 ක්‌ ගතවුවද ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට නොහැකි වීමයි.

රුද්රකුමාරන් බලයෙන් පහවීමත් සමගම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානය දෙකඩ වී ඇත.

ප්‍රභාකරන්ගේ නීති උපදේශක ලෙස ක්‍රියා කළේ රුද්රකුමාරන්ය.

Related posts

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin

වැඩිහිටියන්ට, අබාධිතයන්ට සලකන්න රජයෙන් මුදල් නෑ… දීමනාවෙන් රු100ක් කපා අරමුදලක් හදනවා

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday

සැමියා සමග උරණ වී දූවරු සිව්දෙනාටත් වස පොවයි

colombotoday

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday