Colombo Today Local News

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් මේ බව සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඊයේ (19)දින පැවැත්වුණි.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ නීති කඩකරන මූල්‍ය ආයතනවලට එරෙහිව පොලිස් ආඥා පණත යටතේ නඩු පවරන බවයි.

Related posts

එක්සත් රාජධානියේ ජනතාවගෙන් 67% ක් ඉස්ලාමයට විරුද්ධයි. අහමදියා මුස්ලිම් සභාවේ සමීක්ෂණයකින් හෙළිවේ.

colombotoday

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin

රජෙක් වගේ සිටි ක්ලබ් වසන්තගේදේහය අස්සක සඟවයි

Admin