Colombo Today Local News

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

රජයේ ඉදිරි ගමනට සහය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයෙන් ඉල්ලිමක් කර තිබේ.

එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලන අධිකාරිය මැදිහත් වියයුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානය ඉදිරියේ පවතින බවය.

රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මඟපෙන්වීම් සිදුකිරීමට ද එම සංවිධානයට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ සමාජිකයන් වෙත ප්‍රකාශ කර තිබේ.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස ඊයේ (13)දින පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේ දී පළමුවරට සාමාජිකයන් හමුවෙමින් ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කර ඇත.

වියත්මග විධායක සභාවේ දී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ඇති ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කර තිබේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය මෙහිදී යොමු කර ඇත.

2016 වසරේ අප්‍රේල් මස ඇරඹී වියත්මග, විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.

Related posts

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday

නිවසේ හදිසි අනතුරක්.. පිළිස්සුම් තුවාල සහිතව ගීතා රෝහල්ගත කරයි !

colombotoday

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday

අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

Admin