Colombo Today Local News

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් නාවික හමුදාවට අනියුක්ත කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලුතිනන් තනතුරට ඔහු නැවතත් අනියුක්ත කරනු ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට ඊයේ (24දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් කිරීමත් සමගින් යෝෂිත නැවතත් නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 28 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු මෙසේ යළි නාවික හමුදාවට අනියුක්ත කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට කළ දැනුම් දීමක් අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 දා යෝෂිත නාවික හමුදාවෙන් ඉවත් කරනු ලැබීය.

CSN නාළිකාව සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර ඒ අනුව ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවීමට කටයුතු කළේය.

Related posts

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

රටපුරා විහාරස්ථාන හරහා ව්‍යවස්ථාවට ජනමතය දිනාගන්න මෙහෙයුමක් සිරිතොතෙන් ඇරඹේ !

colombotoday

පාද යාත්‍රාව උතුවම්කන්දෙන් ගමන් අරඹයි.. කෑගල්ලේදී ගමන එක මංතීරුවකික් පමණයි.. අධිකරණ නියෝගයක් !

colombotoday

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනිවර කීයවීම පරාජය වීමෙන් උණුසුම් තත්වයක්.

colombotoday