Uncategorized

යුධ හමුදාව සතු ඉඩම් නිදහස් කරන්න ඉල්ලා සෙට්ටිකුලමේ විරෝධතා…

වන්නි ආරක්ෂක සේනාවන්ට අයත්ව සෙට්ටිකුලම ප්‍රදේශයේ යුධ හමුදා ගොවිපොළක් පවත්වාගෙන යන ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා සෙට්ටිකුලම වැසියන් විරෝධතාවයක නිරතවිය. 

ඊයේ(04) එම වැසියන් මෙසේ විරෝධතාවයක නිරත වී තිබේ.

යුධ හමුදා ‍ගොවි‍පොළක් වෙත සෙට්ටිකුලම ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉඩම් අක්කර 100 පමණ ප්‍රමාණයක් පවරාගෙන ඇති අතර, ජනතාව පදිංචිව සිටි ඉඩම් කොටසක් එලෙස ආරක්ෂක අංශ පවරාගෙන ඇති බැවින් අදාළ ඉඩම් වහාම නිදහස් කළ යුතු බවට ප්‍රදේශවාසීන් ඉල්ලීම් කර තිබේ.

ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් පසුගිය දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කරන බවට රජය ප්‍රකාශ කළද මේ වන තෙක් අදාළ ඉඩම් නිදහස් නොකිරීම කණගාටුවට කරුණක් වන බවද විරෝධතාකරුවන් පැවසීය. 

සෙට්ටිකුලම මැණික්ෆාම් කඳවුරු ස්ථාපිත කොට තිබු ඉඩම්වලින් කොටසක් මෙලෙස යුධ හමුදා ගොවිපොළක් වෙත පවරාගෙන ඇති අතර, අදාළ ගොවිපොළ තුළ ස්ථිර දීර්ඝකාලීන බෝග සිටුවීමට පවා හමුදාව කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.

ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබු‍වේ රජය ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යුධ හමුදා කඳවුරක් පවා නොමැතිව ගොවිපොළක් වෙනුවෙන් පවරාගෙන ඇති අදාළ ඉඩම් කඩිනමින් නිදහස් කළ යුතු බවයි. 

විරෝධතාකරුවන් සිය ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් සකස් කළ සංදේශයක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතද භාරදෙනු ලැබීය.

විරෝධතා වැඩසටහන වෙනුවෙන් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

මට කොන්දක් තියනවා, කොදු නාරටියක් තියනවා… කේශර සිංහයෙකු සේ මේ සටන මම දිනනවා !

colombotoday

“අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් වැඩ කරන්න” – ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ග් එකටත් නව ඇමතිවරුන්ට අවස්ථාව

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

මත භේධයට තුඩුදුන් යහපාලන රජයේ ජාත්‍යන්තර එකගතා, ගිවිසුම් නැවත සමාලෝචනයට රජය සූදානම් !

colombotoday

දැඩි ආරක්ෂක රැකවල් මැද මාකදුරේ මදුෂ් ලංකාවට…

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday