Colombo Today Local News

යුද්ධයෙන් මියගිය කතා නවතා ගංවතුරින් විපතට පත් ජනතාවට පිහිට වෙන්න යුද හමුදාපති ඩයස්පෝරාවට කියයි

පසුගිය යුද සමයේ මියගිය අය පිළිබඳව නිතර කතාබහ නොකර උතුරු නැගෙනහිර ගංවතුරෙන් පීඩා විඳින අහිංසක ජනතාව ජීවත් කරවීමට ආධාර කරන්නැයි දෙමළ ඩයස්පෝරාවට තමා කියා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (27 දා) පැවසීය.

   උතුරු සහ නැගෙනහිර ජනතාව පිළිබඳව ඩයස්‌පෝරාවට අනුකම්පාවක්‌ ඇත්නම් ඔවුන් ගැන සොයා බලා මේ මොහොතේ ඔවුන්ට උපකාර කළ යුතුව තිබෙන නමුත් අදත් හෙටත් කවදත් එම ජනතාවගේ දුක සැප බලන්නේ යුද්ධ හමුදාව බව කී හමුදාපතිවරයා අද උතුරේ සෑම ලේ බැංකුවකම පවතින්නේ රණවිරුවන් පරිත්‍යාග කළ ලේ වර්ග යෑයිද කීවේය.

   ගංවතුරෙන් විපතට පත් ජනතාවට අද පිහිටට සිටින්නේ හමුදාව යෑයිද හෙතෙම සඳහන් කළේය.

   දෙමළ ඩයස්‌පෝරාව මියගිය පුද්ගලයන් වෙනුවෙන්ම කතා කරන නමුත් උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා නොකිරීම ගැන කනගාටුවන බවද හමුදාපතිවරයා කීය.

කොටි ත්‍රස්‌තවාදීන් කළ බිහිසුණු ක්‍රියා පිළිබඳව සඳහන් කළ යුද්ධ හමුදාපතිවරයා කොටින්ට භාරවූ පොලිස්‌ නිලධාරීන් 600 ක්‌ ඝාතනයට ලක්‌ කළ බවද බෝම්බ පිපිරීම්වලින් සහ වෙඩි තැබීම්වලින් හමුදාව ඇතුළු සාමාන්‍ය පුද්ගලයන් විශාල පිරිසක්‌ කොටි සංවිධානය විසින් ඝාතනය කළ නමුත් දෙමළ ඩයස්‌පෝරාව ඒ පිළිබඳව නිහඬ වී ඇතැයි ද ප්‍රකාශ කළේය.

දිවයින

Related posts

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

සුබසාධක ගන්න බොරු තොරතුරු දුන්නොත් නඩු

Admin

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday