Colombo Today Local News

යාපනය අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 400ක් නිදහස් කරයි…

යාපනය අධි ආරක්ෂිත කලාපයේ වලිකාමම් උතුර කොට්ඨාශයේ  පිහිටි ඉඩම් අක්කර 400 ක් ප්‍රතිපාදන ලද විගස නිදහස් කිරීමට සුදානම් කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා නිළධාරීන් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා වෙත පැවසීය.

යාපනය අධි ආරක්ෂිත කලාපයේ පිහිටි යාපනය මයිලිඩි රෝමානු කතෝලික විද්‍යාලය හා මයිලිඩි කනික්කායි මාදා දේවස්ථානය නිරීක්ෂණය,යාපනය ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ ඉඩම් නිරීක්ෂණයට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එක්වු අවස්ථාවේදී යාපනය ආරක්ෂක අංශ විසින් ඊයේ(31) අදාළ දැනුවත් කිරීම සිදුකළ බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පැවසූවේ ජිනිවා මානව හිමිකම් කවුන්සලයේ සැසි වාරය වෙත සහභාගිවීමෙන් අනතුරුව යාපනය අධි ආරක්ෂිත කලාපයේ පිහිටි සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම කඩිනම් කිරීමේ අරමුණෙන් යුතුව ආණ්ඩුකාරවයා අදාළ නිරීක්ෂණ චාරිකාවට එක්වු බවයි.

ජනතාව වෙත නිදහස් කිරීමෙන් අනතුරුව සංවර්ධනය වන යාපනය මයිලිඩි ධීවර වරායේ සංවර්ධන කටයුතු හා මයිලිඩි ආරෝග්‍ය මාතා දේවස්ථානයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණයටද රාඝවන් මහතා එහිදි එක්විණ.

Related posts

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

නීතිපති දෙපාර්තමේන්තුවේ 425කට කොවිඩ් එන්නත ලබා දෙයි

colombotoday

ඔව්.. අනුර අයර්ලන්තයට ගියා.. සති තුනක්ම ඔහු එහෙ ඉදන් පක්ෂයේ ශාකා සමිති හැදුවා

colombotoday

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

Admin

අපි වෙනම මැතිවරණයට ගියොත් ශ්‍රීලනිපයට යනඑන මං නෑ.. මෛත්‍රී – දුමින්ද පාක්ෂිකයන්ගෙන් සමාව ගනු

colombotoday