Colombo Today Local Newsfeatured

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකයින් සුළු ජාතින් ලෙස හැඳින්වීම නොසුදුසු බවත් තමා විසින් ඔවුන්ව හඳුන්වන්නේ “සෙසු ජාතින්” ලෙස බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු එබව කියා සිටියේ පෙරේදා (03) රාත්‍රී කොළඹ ‘රමාඩා’ හෝටලයේ පැවති මුස්ලිම් ජාතිකයන්ගේ හමුවකදීය. මුස්ලිම් තරුණ සංවිධානයක් විසින් එම හමුව සංවිධානය කර තිබිණ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් අමාත්‍යවරයා මෙසේ ද පැවසිය.

”දැන් මට ඇහුනා බොහෝ තැන්වල සුළු ජාතීන් කියන වචනේ පාවිච්චි කරනවා. මම කියන්න කැමති මම සුළු ජාතීන් කියන වචනේ පාවිච්චි කරන්නට යන්නේ නැහැ. මම ඔවුන්ව හඳුන්වන්නේ සෙසු ජාතීන් කියලා. මේ රටේ ජිවත්වන හැම පුරවැසියෙකුටම අභිමානයක් තිබෙනවා. සුළු කිව්වම නිකන් පහතට හෙලනවා වගේ මේ මට එන හැගීම.

අපි අපේ රට ආරක්ෂා කරන්න ඕනේ. මේක එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ පවුලක රටක් නෙවෙයි . ඔබගෙත් මගෙත් අපි සියලු දෙනාගේම රට. මේ රටේ ජාතික ආරක්ෂාව අති වැදගත් කාරනාවක්. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට අපි හැම විටම කටයුතු කරන්නට ඕනේ.

හැබැයි මිත්‍රවරුනි සමහරෙක් හිතාගෙන ඉන්නවා මේ ත්‍රස්තවාදය විනාස කරනවා කියන්නේ මුළු ජාතියක්ම විනාස කියන එක, මුළු ආගමක්ම විනාස කරනවා කියන එක. ඒක මහා මෝඩ සිතුවිල්ලක්, මහා බොලද සිතුවිල්ලක්. ඇයි මම එහෙම කියන්නේ ඔය සෙසු ජාතීන් විනාස මුඛය කරා ගෙන යනකොට ජාතික ආරක්ෂාව තහවුරු වෙනවද? පල්ලි කඩනකොට දේවස්තාන කඩනකොට කොවිල් කඩනකොට රටේ ස්වෛරීත්වය ශක්තියක් ලැබෙනවද ? ඒක මනුස්සකමද? මනුෂ්‍යත්වයද?

Related posts

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් 14 දෙනා මෙන්න. සුප්‍රසිද්ධ හාජ්ජියාර් එබ්‍රහිමුත් ඒ අතර

colombotoday

උදයංග අත්අඩංගුවට

Admin

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

colombotoday

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday