Covid 19

මෙරට කොරෝනා මරණ ගණන 74 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 439 ක් ඊයේ හඳුනා ගෙන තිබේ.

ඒ අතරින් 435 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය.

ඉතිරි 4 දෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් ය.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19279 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර තවත් කොරෝනා මරණයක් ඊයේ රාත්‍රීයේ (20) වාර්තා විය.

ජාතික රෝහලේදී එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.

කොරෝනා ආසාදනයවීම හේතුවෙන් ඇති වූ හෘදරෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ පස්වරුවේ සුවය ලබා ඇත.

ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13271 කි.

පෙරේදා IDH රෝහලෙන් පැනයන ලද කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයි 2,154ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday