Covid 19

මෙරට කොරෝනා අවදානම තුන්වන අදියරට – ඇදිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවලට උපදෙස් මාලාවක්

රට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level තී‍්‍ර ලෙස සැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය කියා සිටියේ රට තුළ කොවිඞ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මේ බව සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා නොමැති ප‍්‍රදේශවල ක‍්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින්.

ඒ අනුව ඇඳිරි නීතිය නොමැති ප‍්‍රදේශවල පවා ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සැණකෙලි, සංගීත සංදර්ශණ සහ වෙරළ සාද සඳහා අවසර හිමිවන්නේ නැහැ. පාසැල්, විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන මෙන්ම උපකාරක පංති, සිනමාශාලා, ළමා උද්‍යාන හා සත්වෝද්‍යාන, පිහිනුම් තටාක, කැසිනෝ, රාතී‍්‍ර සමාජ ශාලා, සම්බහන මධ්‍යස්ථාන මෙන්ම නවාතැන් සපයන ස්ථානද වසා තැබිය යුතු බවයි අදාල මාර්ගෝපදේශනයේ දැක්වෙන්නේ.

මීට අමතරව නිවසින් බැහැර වීම, පොදු ප‍්‍රවාහනය, රාජ්‍ය ආයතන හා කාර්යාල, වෙළදසැල්, බැංකු, ආර්ථික මධ්‍යස්ථාන, ආහාර නිෂ්පාදන ආයතන, ව්‍යාපාරික ස්ථාන, අධිකරණ හා බන්ධනාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙමගින් මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙම සම්පූර්ණ මාර්ගෝපදේශමාලව පහතින් දැක්වේ.

Related posts

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

නව ආසාදිතයින් 198ක්

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday