ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (2) දිනයේදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
අදාළ පෙත්සම් දස වන දිනටත් අද සලකා බැලුණු අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ බව ප්‍රකාශයට පත් කළේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 10 වන දිනටත් සිදුකෙරුණි.