තමා දැඩි උත්සාහය මත සාර්ථකත්වය අත්කර ගත් පුද්ගලයෙකු බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“කිසිදිනෙක තමන් දුප්පත් හො තමන්ට නොහැකී යනුවෙන් නොසිතන ලෙසත් අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්” ඒ මහතා ප්රකාශ කළේය.
එමෙන්ම, තමන්ට අපහස කරන සහ නින්දා කරන පිරිස සම්බන්ධයෙන් තමන් ඉතාම දැහැමිව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.