Colombo Today Local News

මහපොළ 1000 කින් වැඩිකරයි

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1000 ක් වැඩිකර තිබේ.

ඒ අනුව එම සිසුවකුට මාසිකව ලබාදුන් රුපියල් 1500 ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවන බව නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19 ක් තිබෙන අතර ඒවායේ සිසුන් 20,000 ක් පමණ අධ්‍යාපනය හදාරති.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය මගින් තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ප්‍රදානය කරයි.

Related posts

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

තෙල් නැව ආවත් හිගය මඩින්න තව දින තුනක්වත් යනවා !

colombotoday

රන් බඩු කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

colombotoday

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday